සමාජය ප්‍රගතිය කරා මිස එඬේර යුගේට යන්නේ නෑ… ආණ්ඩුව පෙරළන්න බොරුවට හීන දකින්න එපා..!

January 29, 2026 at 1:36 pm | by emanisa.lk

පිරිසක් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉක්මනින් බලයෙන් පහවී නැවත ඔවුන් කැමති පැරණි ක්‍රමයට රට යන තුරු බලා සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

සමාජය ඉදිරියට මිස ප්‍රගතිය කරා මිස පිටුපසට ගමන් නොකරන බවත් ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය පසුකර පරිගණක යුගයට පැමිණ නැවත කාර්මික යුගය, ගොවි යුගය ඔස්සේ එඬේර යුගයට නොයන බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් පරාජයට පත්ව පොල් ගසමින් විදේශවල ගොස් සිහින ජනාධිපතිකම් බලාපොරොත්තු වන පුද්ගලයන්ට සදාකාලිකව සිහින දැකීමට සිදුවන ඇතැයි ද රුවන් මාපලගම අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *