ආණ්ඩුවක් ලෙස සිය වගකීම පසුගිය සමයේ සිදු වූ අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන ආයතන ශක්තිමත් කිරීම බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එම අපරාධ සඳහා අධිචෝදනා ගොනු කරන නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් කිරීම සහ අධිකරණ පද්ධතියට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම ද රජයක වගකීමක් බවයි.
ඇතැම් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තමන් දන්නේ ජනමාධ්‍ය ඔස්සේ බවයි, ජනාධිපතිවරයා අවධාරණය කළේ.
එහි දී නීතිය ක්‍රියාත්මක වන්නේ සිද්ධියේ ලොකු පොඩිකම අනුව පරීක්ෂණ අවසන් කිරීමේ පිළිවෙළ අනුව බව ද ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඊයේ (25) පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.