ඇතැමුන් මේ රටේ ඉතිහාසය මරා දැමීමට උත්සාහ කරන බවත් එලෙස කළ නොහැකි බවත් ජනාධිපති අනුර දිසානායක පවසයි.
එම ඉතිහාසයේ අපේ සමාජයේ ලේ මස් ඇට තුළට රිංගා ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
අපේ ඓතිහාසික උරුමයන් අතහැර අපේ අනාගතය හෝ සංවර්ධන මාවත තීරණය කළ නොහැකි බව ද එතුමා අවධාරණය කරයි.
ජනාධිපති අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ, දළදා මහ පෙරහැර සාර්ථක ලෙස අවසන් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම සඳහා ඊයේ (09) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව සභාව අමතමිනි.