සමන්ත විද්‍යාරත්න කෙහෙල් ගහට කොටයි… රජිත් කීර්ති මිලියන 100ක් වන්දි ඉල්ලා උසාවි යයි..!

December 20, 2025 at 2:35 pm | by emanisa.lk

ඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදු කළ අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් මගින් තමන්ගේ කීර්ති නාමයට හා ගෞරවයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර ගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණයේ දී අපහාස නඩුවක් පවරා ඇත.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා සහ ස්වාධීන රූපවාහිනිය නම් කර ඇත.

2025 ජනවාරි 9 දින පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇතැයි ද, වංචනිකයෙක් දුෂිතයෙකු යැයි බව ප්‍රකාශ කර ඇත.

අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් ලබාගෙන ඉඩම් විකුණා ඇතැයි ද, ජාවාරම්කරුවන් සමඟ අක්කර 5,482 ක් අල්ලාගෙන ඇතැයි ද, අඹ පැල සොරකම් කර ඇතැයි ද වශයෙන් අමාත්‍යවරයා චෝදනා 15කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබිණි.

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර එම වචන, ප්‍රකාශන හා පාඨ අපහාසාත්මක බවත්, වක්‍රොක්තියෙන් එල්ල කළ චෝදනා ද අසත්‍ය බවත්, එම ප්‍රකාශ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශනය හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන මගින් ද ප්‍රචාරය කර තිබු බව පෙත්සමේ නඩු පෙත්සමේ දැක්වේ.

තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රු. මිලියන 100ක මුදල් ද, නඩු පවරන දිනයේ සිට තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය දක්වා එම මුදල සඳහා වූ නෛතික පොළිය ද අයකර දෙන ලෙස අංක DMR/1467/25 නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *