ඉදිරි මහා මැතිවරණයේ දී ජනතා ඡන්දයෙන් පත්වන සමගි ජන බලවේග ආණ්ඩුව IMF ගිවිසුම සංශෝධනය කර නව ගිවිසුමක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජනාධිපතිවරයා සිය විධායක බලතල ක්‍රියාත්මක කරමින් ඉන්ධන මිල බදු බර අඩු නොකරන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කරයි.
හිටපු ජනාධිතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් බැට කෑ ජනතාව අදත් එලෙසම බැට කමින් ඇතැයි සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
මැද කොළඹ පැවැති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.