පළාත් පාලන ආයතන සඳහා විවිධ ක්‍රමවලට ආදායම් එකතු කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
“ප්‍රාදේශීය සභාවලට කරන්න වැඩ තියෙනවා. ඒවට සල්ලි ඕන. සල්ලි හොයන්න බලයක් එයලාට තියෙනවා. කඩවලින් බදු ගන්න පුළුවන්. බදු වැඩි කරන්න අඩු කරන්න පුළුවන්.
වැඩ කරන්න සල්ලි මදි නම් බලු බද්දක් ගහන්න පුළුවන්. ආයේ ගමට එන්න හම්බ වෙන්නේ නෑ. හැබැයි ඕන නම් එහෙම කරන්න පුළුවන්.”
ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.