සඳහිරු සෑය දෙමළ ජනතාව තුළ වෛරය දල්වන ගින්දරක්…! – අගලකඩ සිරිසුමන හිමි…

November 18, 2021 at 11:16 pm | by emanisa.lk

සඳහිරු සෑය නිර්මාණය කර ඇත්තේ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ස්මාරකයක් ලෙස බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි පවසයි.

මෙම ස්මාරකයේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ ද තමා ඊට විරෝධය පළකළ බවත් යුද්ධය සැමරීම සඳහා මෙවැනි ස්මාරකය ඉදි නොකළ යුතු බවත් එහිමියෝ අවධාරණය කරති.

ප්‍රභාකරන් මිය ගිය ද යුද්ධය නිසා පරාජිතයින් පිරිසක් බිහි වූ බවත් ඔවුන් තුළ වෛරය ඇති නොවන ආකාරයට අප කටයුතු කළ යුතු බවත් අගලකඩ හිමි පෙන්වා දෙයි.

සඳහිරු සෑය යනු එම පරාජිත පිරිස තුළ වෛරය දල්වන ගින්දරක් බව ද උන් වහන්සේ ප්‍රකාශ කරති. කෙසේ වුව ද සඳහිරු සෑය නිසා මේ රටේ සිංහල බෞද්ධයින් ද ඇතැම් රණ විරුවන් ද සතුටු වනු ඇතැයි අගලකඩ සිරිසුමන හිමි වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *