සඳහිරු සෑයේ ඉදිකිරීම් දෙසැම්බරයේ නිමයි….! ඉදිකිරීම් නිමවන විට උස අඩි 283යි….!

February 7, 2021 at 10:26 am | by emanisa.lk

විසි එක්වන සියවසේ ලොව ඉදිවන විශාලතම දැගැබ වන අනුරාධපුරයේ සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දෙසැම්බර් මස නිම වන අතර එය ඊයේ වන විට අඩි 125ක් දක්වා නිම කර තිබුණි.

තිස් වසරක යුද්ධය නිමා කරමින් රට නිදහස් කර ගැනීම වෙනුවෙන් ඉදිවන මේ සෑයේ වැඩ නිම වන විට දාගැබේ උස අඩි 283කි. එය විෂ්කම්භයෙන් අඩි 255කි.

යුද්ධයේදී මිය ගිය රණවිරුවන් 27,000ක් අතුරුදන් වූ 4,500ක් හා ආබාධිත වූ 37,000ක් රණවිරුවන් සිහි කිරීම උදෙසා මෙම සෑය ඉදි කෙරේ.

සෑය ඉදිකිරීම සඳහා සැදැහැවතුන්ගේ ආධාර, හමුදා සාමාජිකයන්ගේ පරිත්‍යාග සහ ශ්‍රම දායකත්වය ද ලබා දෙනු ලැබේ.

පසුගිය ආණ්ඩුව විසින් සඳහිරු සෑයේ නිදන් කිරීම සඳහා රත්තරන් ලබා දුන් රේගු නිලධාරීන් ද අත්අඩංගුවට ගත්තේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *