සනත්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්! සනා පිළිතුරු දෙයි!

February 27, 2019 at 12:36 am | by admin

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධි නීති සංග්‍රහයේ නීති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබේ.

එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.

ICC දුෂණ මර්දන ඒකකය විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව අවශ්‍ය කරන ලියවිලි ලබා නොදීම සහ පරීක්ෂණ සඳහා සහාය නොදීම සනත් ජයසූරියට එරෙහිව නගා ඇති චෝදනාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස