සතොස වෙළඳසැල් 100ක් වසා දැමේ… ධම්මික පෙරේරාගෙන් සුපිරි වෙළඳසැල් 100ක්….!

November 2, 2025 at 4:00 pm | by emanisa.lk

සතොස වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, රට තුළ ව්‍යාපාර ඒකාධිකාරයක් නිර්මාණය වෙමින් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ පවසයි.

සතොස වෙළෙඳසැල් 130ක් වසා දැමීමට තීරණය කර ඇති අතර, ඉන් 30ක් දැනටමත් වසා දමා ඇති අතර තවත් 100ක් වසා දැමීමට නියමිතය. මේ අතර ජා-ඇල සතොස වැනි ආයතන දිනකට රුපියල් ලක්ෂ පහක හෝ හයක විකුණුම් වාර්තා කරන කිසිසේත් පාඩු නොලබන ආයතන බව ද ඔහු පෙන්වා දෙයි.

සතොස කඩ 100ක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් සිල්ලර ව්‍යාපාරයට පිවිසෙන බවත්, අලුතෙන් සුපිරි වෙළඳසැල් 100ක් විවෘත කරන බවත් ප්‍රකාශ කර ඇත. මීට පෙර ද ධම්මික පෙරේරා සතොස මිල දී ගැනීමට යම් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

පසුගිය රජය යටතේ සතොසට මත්පැන් බලපත්‍ර 100ක් ලැබුණු අතර ඒවා බොහෝමයක් සතොස ශාඛාවල විවෘත කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *