සතොස කුණු හාල් කිලෝ 11500ක් ජනතාවට කවලා… ෆයිල් මිසිං කියලා ටෙන්ඩරේ ජනාධිපති උපදේශකට දීලා…! – මුජිබර් රහුමාන්…

March 19, 2025 at 4:10 pm | by emanisa.lk

ලංකා සතොස ආයතනයේ පරිගණක පද්ධතිය විගණනය සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී විශාල අක්‍රමිකතාවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

අදාළ සුදුසුකම් සපිරූ සමාගමට එම ටෙන්ඩරය නොදී අදාළ ලිපි ගොනුව අස්ථානගතව ඇතැයි එම ටෙන්ඩරය අවලංගු කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මුජිබර් රහුමාන් වැඩි දුරටත් අනාවරණය කළේ අවසානයේ නැවත ටෙන්ඩරයක් කැඳවා එය ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුවගේ E and y සමාගමට ලබා දී ඇති බවට ද මුජිබර් රහුමාන් චෝදනා කරයි.

එසේම සතොසට මිල දී ගෙන ප්‍රමිතියෙන් තොර බවට සහතික කරන ලද හාල් කිලෝ 11500ක් සතොස ජාලය ඔස්සේ දැනටමත් විකුණා අවසන් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් මුජිබර් රහුමාන් මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *