දේශපාලනය කිරීමට එනවා නම් සිවුරු, ජාතික ඇඳුම හෝ කළුකෝට් හෝ කුමන ඇඳුමක් හැඳ සිටියත් තමන් පහර දෙන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
“අපි ඉඳලා හිටලා බෘෘස්ලි වගේ ෂොට් එකක් දෙනවා කුඩුවෙලා යන්න. ෂොට් එක දුන්නාම කියනවා මූණට ගහන්නෙපා, ඒක ෆවුල් ෂොට් එකක්. අහවල් තැනට ගහන්නෙපා කියනවා. මං කළුකෝට්කාරයෙක් ගහන්න එපා. මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නේ, ඒ හින්දා ගහන්න බෑ. මං සිවුර ඇඳලා ඉන්නේ, ඒ හින්දා ගහන්න බෑ.
අපට කියන්න වෙන්නේ දේශපාලනේ කරන්න එනවා නම් ඒවා පැත්තකින් තියලා එන්න. මොකක් ඇදගෙන හිටියත් ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් අපි ගහනවා. හැමෝම දැනගන්න ඕන අපිත් යම් වෙලාවක දරුණුම විදිහට පහර දෙන බව.
සතුරට ගහන කොට ඒවා නිත්‍යනුකූල ෂොට්ද ෆවුල් ෂොට්ද කියන එක ලෙනින්ට අනුවම අදාළ නෑ. කැටපෝලෙන් විදින්න ඕන ඒවාට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ. අපි දැනට රාජ්‍ය බලය ලබා ගෙන තිබෙනවා. රාජ්‍ය බලය ලබාගන්න අරගලයක් ඉදිරියට කරගෙන යා යුතුයි.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ලෙනින් කියවමු සංවාදයට එකතු වෙමිනි.