සති තුනක් ඇතුළත තුන්වන වරටත් තෙල් මිල නංවයි… ඇතැම් ඉන්ධන සියයට තිහකින් ඉහළට….!

March 22, 2026 at 9:35 am | by emanisa.lk

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කරන ලද නවතම මිල සංශෝධනයට අනුව ඇතැම් ඉන්ධන වර්ගවල මිල 30%ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් වැඩිකර තිබීම විශේෂත්වයකි.

නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 455ක් ලෙස දැක්වෙයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයට සෘජුවම බලපාන ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් (රු. 382) සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් (රු. 443) ඉහළ දමා ඇත.

මීට අමතරව, සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 255කි.

මාසයකට වරක් මිල සූත්‍රය අනුව සංශෝධනය කළ ඉන්ධන මිල මෙවර මාසයක් ඇතුළත අඛණ්ඩව තුන් වරක් ඉහළ දමා තිබේ. කෙසේ වුවද පසුගිය 20 වෙනිදා ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 112 දක්වා ඉහළ ගිය අතර මේ වන විට එය ඩොලර් 98 දක්වා පහත වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *