සත්ව සංගණන වාර්තාවේ දොෂ… නැවත රිලවු ගණින්න වෙයි…!

April 11, 2025 at 3:07 pm | by emanisa.lk

සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දිස්ත්‍රික් මට්ටමින් ලැබී තිබෙන සංගණන තොරතුරු නිවැරදි නොවන බැවින් තවත් සංගණන වාර්තාවක් සකස් කිරීමට සිදුවන බවයි, එහි නිලධාරියා සඳහන් කළේ.

අඩුපාඩු සහිත සංගණන වාර්තාව නිවැරැදි කිරීමට රිලවා, වඳුරා, දඬුලේනා සහ මොනරා ආදී සතුන් පිළිබඳව නැවත නියැදි සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දිස්ත්‍රික්ක මට්ටමින් සාම්පල් ලබාගෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු කියයි.

පසුගිය දා දිවයින පුරා පැවැත්වූ සංගණනයේ තොරතුරු හා නව සමීක්ෂණයේ තොරතුරු සංසන්දනය කර නිවැරදි වාර්තාව සකස් කරන බවත් නිර්දේශ සහිත අවසන් වාර්තාව ලබා දීම සඳහා නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *