කෘෂිකාර්මික බෝග සඳහා හානි සිදු කරන වන ජීවීන් පිළිබඳව පැවති ජාතික සංගණනයේදී දිස්ත්‍රික්ක 15ක නිවාස ඒකක සඳහා බෙදීමට තිබූ පත්‍රිකා 1,30,075ක් ඒවා බෙදීමට වගකීම් පැවරූ රාජ්‍ය නිලධාරීන් බෙදා දී නොමැති බව අනාවරණය වී තිබේ.
වගා හානි සංගණනයේ එසේ පත්‍රිකා බෙදා නොතිබීම සම්බන්ධව තොරතුරු ලබා දී නැති දිස්ත්‍රික්ක 10 වනුයේ පොළොන්නරුව, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල දිස්ත්‍රික්ක බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතින්, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරුවලින් මේ බව අනාවරණය වේ.
මේ අතර බොහෝ ප්‍රදේශවල ජනතාවට බෙදා දුන් සංගණන පත්‍රිකා නැවත ලබා ගෙන නොමැති බව ද වාර්තා වෙයි.