සත්කාරක රට ලෙස සමුළුවේ සෙසු රටවලට ආරාධනා කිරීම වගකීමයි…! – මියන්මාරයට කළ ආරාධනය ගැන පැහැදිලි කිරීමක්…

March 11, 2021 at 2:23 pm | by emanisa.lk

2021 අප්‍රේල් මස 1 වන දා කොළඹ දී පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පැහැදිලි කිරීමක් නිකුත්කර තිබේ.

“බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇත.” යනුවෙන් විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

මේ වනවිට මියන්මාරයේ හමුදා පාලනයක් පවතින බැවින් එරටට එම අවස්ථාවට ආරාධනා කිරීම එරට හමුදා පාලනය ශ්‍රී ලංකාව පිළිගැනීමක් වැනි බව ඒ සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය ඔවුන්ගේ පැහැදිලි කිරීම නිකුත් කරමින් සඳහන් කරන්නේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව අදාළ ආරාධනය කළ බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *