රටේ ඇත්තේ ජනතාවට වියදම් කරන්න බැරි රට පතුලටම වැට්ටවූ සාමාන්‍යකරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඒ අද මහනුවරදී මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා හමුවී ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විපක්ෂ නායකවරයා සමග මහා නාහිමිවරුන් බැහැදැකීමට මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ද වැඩම කරවීම විශේෂත්වයකි.