ජනාධිපතිවරයා විසින් ඊයේ පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයට ජනතා ප්‍රසාදයක් වැඩියෙන් හිමිවෙනු ඇතැයි සිතව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර පවසයි.
“ඇත්තම කියන්න ඕනෙ මටත් ඒ අමාත්‍ය මණ්ඩලයට එන්න කියලා ආරාධනාවක් තිබුණා, නමුත් කිසිදු ආකාරයකට ඒ තනතුරු භාරගන්න අපට අවශ්‍යතාවක් තිබුණෙ නෑ.
මේ කැබිනට් මණ්ඩලයට යම් ආකාරයක ජනතාවගේ ප්‍රසාදයක් හිමිවෙයි කියලා මං හිතනවා, කලින් තිබ්බ එකට වැඩිය. මේක අපි කඩාකප්පල් කරන්න යන්නෙ නෑ. ඒ අයට වැඩකරගන්න අවශ්‍ය නම් සහයෝගයත් අපි ලබාදෙනවා. හැබැයි ඒ අය අවංකව කටයුතු කරනවා නම්.
රජය ශක්තිමත් කරන්න ගෙනාපු යෝජනා වගේ තමයි මට පේන්න තියෙන්නෙ ඔය විශ්වාසභංගයයි දෝෂාභියෝගයයි කියන දෙකම. අපි බලාපොරොත්තු වෙන්නෙ විපක්ෂයේ නායකයාගෙයි විපක්ෂයේ කාර්යභාරයයි අපි භාරගන්න. දැන් තියෙන විපක්ෂය ඒ කටයුත්ත කරනවායි කියලා මට සෑහීමකට පත්වෙන්න බෑ.”
මහින්ද අමරවීර මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.