සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස දිගටම විපක්ෂ නායක ධුරයේ තබා ගැනීමට කටයුතු කරන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කිරීම විපක්ෂ නායකවරයාට වගකීමක් බවත් එසේ හැකියාවක් නැති විපක්ෂ නායකවරයෙකු එම ධුරයට වැඩක් නැති බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දිගටම විපක්ෂ නායක ධුරයේ තබා ගන්නා බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.
අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඝෝෂා කරමින් හැසිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.