සජිත් අනුර මං බලන්න එයි කියලා හිතුවේ…! හිරගෙදරට එකෙක් ආවේ නෑ…! – රාජාංගනේ සද්ධාරතන හිමි…

July 22, 2023 at 11:14 am | by emanisa.lk

තමා සිරගත වූ පසු දේශපාලනඥයින් තමන් වහන්සේ බැලීමට පැමිණෙනු ඇතැයි සිතුව ද කිසිවෙකු නොපැමිණි බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

සජිත් ප්‍රේමදාස සිය නීතීඥයින් සමග පැමිණ තමන්ට උදව් කරනු ඇතැයි සිතුව ද එවැන්නක් නොවූ බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.

තමන්ගේ යූටියුබ් නාළිකාවේ අනුර දිසානායකගේ පින්තූරය දමා ගෙන කතා කළ ද ඔහු ද තමන්ගේ සුවදුක් බැලීමට නොපැමිණි බවයි, සද්ධාරතන හිමි සඳහන් කළේ. අනුර දිසානායකලා ජයග්‍රහණය කරවීමට කැපවන බවට සිය අම්මාගේ සොහොන් කොත අසලට ගොස් දිවුරුම් දුන් බව ද එහිමියන් කීය.

අවසානයේ තමන්ගේ පිහිටට හිටියේ සිරකරුවන් පමණක් බවත් ඔවුන් නැත්නම් තමන්ට බඩගින්නේ සිටින්නට සිදුවනු ඇති බවයි, සද්ධාරතන හිමි ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *