සජිත්ට එජාප නායකත්වය දෙනවා නම් සජබ සිරිකොතට ගෙවදිනවා…! – හර්ෂණ….

November 25, 2024 at 4:00 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ නෑනේ.. එතුමා ආවම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මේ දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා.

අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යුඑන්පි යේ සියලු දෙනාමත් මේ සජබය සමග එකතු වෙලා මේ බෙදීම නැතිකරලා අපි ඉදිරියේදී එකම වැඩසටහනකට ඉදිරිපත් වෙන්න අපි කටයුතු කළ යුතුයි කියලා. සජබය, යුඑන්පි කණ්ඩායම් එකතු කරගෙන ඉදිරියේදී ගමනක් යා යුතුයි කියන මතයේ අපි ඉන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *