සජිත්ට අත්වුණේ කන්නංගර ඉරණම… ඉතිහාසේ වැඩිම වැඩ කරලත් ජනතාව අහක බැලුවා…! – වැලිඅංගේ..

October 28, 2024 at 1:54 pm | by emanisa.lk

ඉතිහාසයේ වැඩිම වැඩ කොටසක් කළ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුව ද බහුතර ජනතාව ඒ පිළිබඳ තැකීමක් කොට නොමැති බව සමගි ජන බලවේගයේ එරන්ද වැලිඅංගෙ පවසයි.

ඒ පිළිබඳ කනගාටු නොවිය යුතු බවත් නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දුන් සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා ඊළඟ මැතිවරණයෙන් පරාජය කොට ගෙදර යැවූ බවත් හෙතෙම සඳහන් කරයි.

බුදුන් වහන්සේට කෙතරම් නින්ද කළ ද අදත් බුදු දහම ලොව පවතින බවත් ජේසුත් වහන්සේ ඇණ ගැසුව ද ඒ දහම පවතින බවත් වැලිඅංගේ පෙන්වා දෙයි.

තමන් කළ මෙහෙවර ජනතාව නොතකා හැරිය ද සජිත් ප්‍රේමදාස මහතා මෙවර මහා මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවත් පාක්ෂිකයන් ලෙස ඔහුට කෘතගුණ සැලකීමට මෙය අවස්ථාවක් කරගත යුතු බවත් ඔහු වැඩි දුරටත් කීවේ ජනහමුවක් අමතිමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *