ඊළඟ පාලන ඡන්ද විමසිම සඳහා කොළඹ මහ නගර සභාවට තරඟ වැදිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය වන දුලාංජලි ප්‍රේමදාස සුදානම් බවට තොරතුරු වාර්තා වෙයි.
මේ වන විට සමාජජාලවල ඒ සම්බන්ධව කතා බහත් පැතිර යමින් තිබේ. අනුව කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයේ පුරපති අපේක්ෂිකාව ලෙස ඈ ඉදිරිපත් වීමට නියමිත ය.
එසේම මේ වන විටත් දුලාංජලි ප්‍රේමදාස සිය සමාජ සේවා කටයුතු සුචරිත ව්‍යාපාරය ඔස්සේ කොළඹ නගර සභා බලප්‍රදේශයේ තුළ ආරම්භ කොට තිබේ.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ද කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ නමුත් ඔහුගේ එක් දේශපාලනික සිහිනයක් වු කොළඹ පුරපති පුටුවේ අසුන් ගැනීමට නොහැකි විය.
සජිත් ප්‍රේමදාසට සිටින්නේ දුලාංජලී සහෝදරිය පමණක් වන අතර ඈ සමඟ ඔවුන්ගේ මව වන හේමා ප්‍රේමදාස ද මෙම කටයුතුවලට මහත් උනන්දුවෙන් එකතු වනු දැකගත හැකි ය. රාජපක්ෂ පවුල්පාලනය එරෙහි වන පිරිස් මෙම තීන්දුවට එරෙහි වූ බවක් මෙතෙක් වාර්තා වන්නේ නැත.