පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ දී තමන්ට පහර දුන් බව යාපනය දිස්ත්‍රික්ක ස්වාධීන මන්ත්‍රී අර්ජුන රාමනාදන් පවසයි.
පාර්ලිමේන්තුව ඇමතීම සඳහා කාලය වෙන්කරවා ගැනීමට එහි ගිය අවස්ථාවේ මෙම පහර දීම සිදුවූ බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.
විපක්ෂ නායක කාර්යාලයේ සිටි සුජිත් සංජය පෙරේරා නම් පුද්ගලයා තමන්ට පහර දුන්න ද තම පියාගේ වයසේ අයකු නිසා ඔහුට තමන් පෙරළා පහර නොදුන් බව ද අර්ජුන රාමනාදන් ප්‍රකාශ කරයි.
අද (03) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහි දී කතානායක පුටුවේ සිටි මන්ත්‍රීවරිය සඳහන් කළේ එය කතානායකවරයාට පැමිණිලි කරන ලෙසයි.