සජබ මන්ත්‍රී රාජ්‍ය ඇමැතිනියට පාර්ලිමේන්තුවේ දී පහර දෙයි..!

October 20, 2023 at 4:54 pm | by emanisa.lk

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා විසින් පහර දී ඇත.

සුජිත් සංජය සිය බිරිඳටත් පහර දෙන පුද්ගලයෙකු බව ප්‍රකාශ කළ ඩයනා ගමගේ, පාර්ලිමේන්තුව තුළ දී රාජ්‍ය ඇමැතිවරියකට පහර දෙයි නම් සාමාන්‍ය කාන්තාවන් මේ රටේ මුහුණ දෙන තත්ත්වය කුමක් දැයි ප්‍රශ්න කළාය.

මෙම සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තු සැසිවාරය විනාඩි 10කට අත්හිට වූ අතර පහර දීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය ඇමැතිනිය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *