කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ස්වාධීන වීමට තීරණය කර තිබේ.
සිය ආධාරකරුවන් සමග නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේ දී පෙරේදා (05) පැවැති හමුවක දී ඔහු මේ බව සඳහන් කර ඇත.
ඇමැති ධුර භාර ගැනීමට අදහස් කර නැති බවත් ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීමට ලබන සතියේ රජයට යෝජනා ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් හිටපු බලශක්ති අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම බැංකු, ප්‍රවාහනය, ගෑස්, කෘෂිකර්මය, සෞඛ්‍ය හා ඖෂධ ආදී ක්ෂේත්රවල පැනනැගී ඇති අර්බුද විසඳීමට රජයට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එහිදී කියා ඇත.
පාඨලී චම්පික රණවක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රටේ මේ මොහොතේ පවතින්නේ අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එම ගැටලු විසඳීමට ද අසාමාන්‍ය යෝජනා ගෙන එන බවත් ය.