ඉදිරියේ දී තමාගේ නායකත්වයෙන් පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ආචාර්ය හර්ෂ ද සිල්වා බව විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමාදස පවසයි.
අද (18) ගාල්ල ප්‍රදේශයේ පැවැති බුද්ධි මණ්ඩපය වැඩසටහනකට එකතු වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.
මේ සමග පසුගිය සමයේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආර්ථික උපදේශකයා බවට පත්ව සිටි ආචාර්ය නාලක ගොඩහේවාගේ බලාපොරොත්තු සුන්වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.