සංවර්ධනයේ නාමයෙන් මහජන ධනය කොල්ලකෑ යුගය අවසන් කළා…! – ඇමති වසන්ත සමරසිංහ…

July 7, 2025 at 4:20 pm | by emanisa.lk

රටේ ජනතාවගේ ධනය සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි කොල්ලකෑ යුගය අවසන් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඉදිරි මාස හත ඇතුළත අනුරාධපුරයේ වැව් 300ක් ප්‍රතිසංස්කරණය කරන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

වසර තිස් ගණනක් තිස්සේ වැව් ප්‍රතිසංස්කරණය කොට නොමැති බවත් ප්‍රතිසංස්කරණය කරන බව කියමින් වැව් බැම්මේ බොරළු ටිකක් ඇතිරීම ගස් සහ පස් කැපීම සිදුකළ බවත් ඇමති වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

රටේ සංවර්ධන කටයුතු සඳහා මේ වසරට රු. බිලියන 1400ක් වෙන්කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *