සංදර්ශන පෑ ශ්‍රීලන්කන් අවුරුද්දෙන් හාන්සියි… 2024 ලාභය බිලියන 3.8යි, 2025 අලාභය බිලියන 7.6යි…!

October 24, 2025 at 12:26 pm | by emanisa.lk

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ. එහෙත් 2023/24 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කළ බව එම ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

එයාර්බස් 330: ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසර 14ක් පැරණි ගුවන් යානයක් බදු ගත්තේ ඇයි?
එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ.

එමෙන්ම ශ්‍රී ලන්කන් සමූහය ද 2025 මූල්‍ය වර්ෂයේ රු. බිලියන 2.7ක අලාභයක් වාර්තා කර තිබේ. ඒ 2024 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.9ක ලාභයක් වාර්තා කර තිබූ පසුබිමක ය.

2024 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ඉහළ ගිය නමුත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිත කර ඇත්තේ මගීන් මිලියන 3.5ක් පමණි. එය පෙර වසරට සාපේක්ෂව 4%ක අඩු වීමකි.

මෙහි ප්‍රතිඵලය ලෙස 2024/25 මූල්‍ය වර්ෂය සඳහා මගී ආදායම රු. බිලියන 234.5ක් දක්වා පහත වැටී ඇති අතර එය පෙර මූල්‍ය වර්ෂයේ රු. බිලියන 276.2කි. 2023/24 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 15%ක සංකෝචනයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *