සංචිත බිංදුවට හිඳුණු රටේ දැන් සංචිත බිලියන 6 පැනලා…! – අමාත්‍ය සමන්ත විද්‍යාරත්න…

July 31, 2025 at 11:59 am | by emanisa.lk

ඩොලර් සංචිතය බින්දුව දක්වා හිඳුණු රටක ඩොලර් සංචිතය මේ වන විට බිලියන හය පැන ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“ජනතාවට දැනෙනවා රට පියවරෙන් පියවර ඉස්සරහට එනවා කියලා.අපි මුහුණ දුන් විශාලම ප්‍රශ්නය තමයි රටේ ආර්ථික කඩා වැටීම. අපේ ඩොලර් සංචිතය බින්දුව දක්වා හිඳිච්ච රටක්, මේ වෙනකොට රටේ ඩොලර් සංචිතයේ බිලියන 6 පැනලා තියෙනවා. ලබන අවුරුද්දේ මුල වෙනකොට මේක ඩොලර් බිලියන හතට ගේන්න පුළුවන්.

දැන් සංවර්ධන කටයුතු වේගයෙන් යන්න අරගෙන තියෙනවා. ගමේ පාරවල් හැදෙනවා වෙව් ටික හැදෙනවා කර්මාන්ත බිහිවෙනවා. දැන් ඒ තැනට රට එමින් තිබෙනවා. දැවැන්ත ව්‍යාපෘති ලෙස අධිවේගී මාර්ග නැගිටින පටන්ගෙන තිබෙනවා.

විදුලි ව්‍යාපෘති ලෙස සුළං බලාගාරයක් සූරි බලාගාර ඉදිවෙන්න පටන් අරගෙන තියෙනවා.සංවර්ධනයේ අරුණළු නැවත මේ රටේ පටන්ගෙන තිබෙනවා. වංචාව දූෂණය ක්‍රම ක්‍රමයෙන් පහව යනවා.

පිරිසිදු පාලනයක් රටේ ස්ථාපිත වී තිබෙනවා. තේරෙණ ජනතාවට තේරෙනවා දැන් රට විධිමත්ව නැගිටින්න ආරම්භ කර තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *