ෂෙඩ් ගත්තු සමාගම් සිපෙට්කො බෝඩ් ගහගෙන වැඩ…සිපෙට්කො නඩු මගට…!

December 13, 2024 at 10:32 am | by emanisa.lk

මෙරට ඉන්ධන බෙදා හැරීමේ නියුතු විදෙස් සමාගම් සිය ඉන්ධන පිරවුම්හල් රැසක් තවමත් සිපෙට්කෝ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් ඉන්ධන අලෙවි කරන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා චෝදනා කරයි.

මෙසේ නීතියට පිටින් කටයුතු කරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සභාපතිවරයා අවධාරණය කරයි.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ ගැන සමාගම්වලට සිහි කැඳවීම් කළ නමුත් ඔවුන් දිගින් දිගට ම මහ ජනයා නොමඟ යවමින් මෙම ක්‍රියාවලියේ නිරතව සිටින බැවින් මෙසේ නීතිමය මඟට අවතීර්ණ වන බව රාජකරුණා මහතා සඳහන් කරයි.

සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් හා ආර්.එම්. පාර්ක්ස් යන සමාගම්වලට පිරවුම්හල් 150 බැගින් ලබාදීමට ගිවිසුම්ගතව තිබුණත් එම සමාගම් හා එක්වීමට ඇතැම් බෙදුම්කරුවන් අකැමැත්ත පළ කරන බව කී හෙතෙම මේ නිසා ගිවිසුම්ගත පරිදි එම සමාගම් යටතේ පිරවුම්හල් 150 බැගින් ක්‍රියාත්මක නොවන බව ද පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *