ශාන් වෙනුවට අම්බලන්ගොඩට සජින්…! ගාල්ලේ නායකත්වයත් දෙයි..!

January 5, 2024 at 9:21 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසන නව සංවිධායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පත්කර ඇති බව වාර්තා වේ.

ඒ, අම්බලන්ගොඩ ආසනයේ හිටපු ශ්‍රීලනිප සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගයට එක්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ය.

එසේම ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන විසින් සජින් වාස් ගුණවර්ධන ශ්‍රීලනිප ගාල්ල දිස්ත්‍රික් නායකයා වශයෙන් ද පත්කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මෙම තීරණයට එළඹී ඇත්තේ පෙරේදා (03) ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පක්ෂ මූලස්ථානයට කැඳවා පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *