හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායකවරයා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
එමෙන් ම, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායකවරයා සඳහන් කළේ ය.
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ දැනට භුක්ති විඳින රාජ්‍ය අරමුදල් සහිත නිවාස, මාසික දීමනා, විශ්‍රාම වැටුප්, නිල ප්‍රවාහන සහ අනෙකුත් පහසුකම් වැනි ප්‍රතිලාභ අවලංගු කිරීමට මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.
පසුගිය මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව අනුමත කළ අතර ඉදිරියේදී මෙම පනත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත ය.
නව ගැසට් පත්‍රයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට කලින් ලබා දී තිබූ නිවාස, මාසික මූල්‍ය දීමනා, ලේකම් කාර්යාල ආධාර, නිල වාහන සහ විශ්‍රාම වැටුප් ඇතුළු ඕනෑම හිමිකම් පනත බලාත්මක වූ දින සිට තවදුරටත් ලබා නොදෙනු ඇත.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් එමෙන් ම මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි වනු ඇත.
ශ්‍රී ලංකාවේ පළමු සහ තුන්වන විධායක ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන සහ ඩී.බී. විජේතුංග සහ ඔවුන්ගේ වැන්දඹුවන් තව දුරටත් ජීවතුන් අතර නොමැති අතර දැනට මෙම හිමිකම් ලබන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිය වන හේමා ප්‍රේමදාසට ද නව නීතිය යටතේ ඒවා අහිමි වීමට නියමිත ය.