ශ්‍රේෂ්ඨාධීකරණය ඔන්ලයින් පනත පිළිගනී…! සුමන්දිරන්ගේ පෙත්සම ඉවත දමයි..!

February 29, 2024 at 1:36 pm | by emanisa.lk

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දු ලබා දෙනු ලැබිණි.

අදාළ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් නොකිරීම හේතුවෙන් එය නීත්‍යානුකූලව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *