ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
රටට බලපෑ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අනුව ලබන 12,13,15 තෙදින පැවැත්වීමට තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.
එම දින සැමරුමට රජය විසින් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති අතර එම මුදල ආපදා සහන සේවාව වෙනුවෙන් යෙදවීමට ද රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජාතික දිනය, ජනරජ දිනය වැනි සුවිශේෂ සැමරුම් දින සමරන අතර කිසිදු පදනමක් නොමැතිව මෙලෙස දිනයක් සැමරීම සහ ඒ සඳහා මහජන බදු මුදල් භාවිතයට තීන්දු කිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්විය.
කෙසේ නමුත් එවැනි දිනක් ඉදිරියේදී පවත්වනවාද නැද්ද යන්න මෙතෙක් රජය විසින් තීරණය කර නොමැත.