ශ්‍රී ලංකා ප්‍රසම්පාදන දත්ත පද්ධතිය රටින් පිටට… ආරක්ෂක අංශවල සංවේදී දත්තත් ඒ අතර…!

March 21, 2025 at 3:21 pm | by emanisa.lk

මෙතෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යටතේ නඩත්තු කළ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දත්ත පද්ධතිය මයික්‍රොසොෆ්ට් ආයතනය යටතට පත්කිරීමට තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා Gennext ආයතනය ඔස්සේ මුදල් අමාත්‍යංශය සමග ගිවිසුම්ගතව තිබේ. කෙසේ වුව ද මයික්‍රොසොෆ්ට් සමාගමට ශ්‍රී ලංකාවේ දත්ත ගබඩා නොමැති අතර ඒ අනුව මෙරට දත්ත පද්ධතිය සිංගප්පූරුව වෙත ගෙන යෑමට නියමිතය.

එහෙත් ලොව කිසිදු රටක් සිය රටේ ආරක්ෂක අංශවල මිල දී ගැනීම් ඇතුළු සංවේදී තොරතුරු ඇතුළත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දත්ත මේ ආකාරයට රටින් පිටවීමට කිසිදු ඉඩක් ලබා දී නොමැත. මේ අනුව සිය රටේ ඉතාම සංවේදී දත්ත විදෙස් රටක් වෙත ගෙන යන ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *