ශ්‍රී ලංකාව ෂැංහයි සමුළුව මගහැරියේ විදෙස් බලපෑමට…! – Sri Lanka Guardian…

September 4, 2025 at 6:29 pm | by Namal

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීනයේ පැවති ෂැංහයි සමුළුව සඳහා සහභාගී නොවූයේ හෙළි නොකළ විදෙස් බලපෑම් නිසා බව Sri Lanka Guardian අනාවරණය කරයි.

මෙම සමුළුව සඳහා චීනය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් ආරාධනා කළ බවත් ඉතාම සුවිශේෂ සමුළුවක් වන ඊට ලංකාව සහභාගී කරවා ගැනීම ශ්‍රී ලංකා සහ චීන තානාපති කාර්යාලද විශේෂ උත්සාහයක නිරත වූ බවත් එමගින් පෙන්වා දෙයි.

කෙසේ වුව ද ශ්‍රී ලංකාව මෙම ආරාධනාය සඳහා ප්‍රතිචාර නොදක්වා නිහඬව සිටීමට කටයුතු කරමින් නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කර ඇති බවත් Sri Lanka Guardian වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *