ශ්‍රී ලංකාව අවසන් මොහොතේ සටනට බහී… නෙදර්ලන්තය ලකුණු 83කින්ම පරදයි..!

June 17, 2024 at 12:03 pm | by emanisa.lk

20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය. එහිදී කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30ක් ද රැස් කළහ.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 16.4කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 118ක් පමණි. පන්දු යැවීමෙන් නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ සහ වනිඳු හසරංග කඩුලු 2ක බැගින් දවා ගත්හ.

කෙසේ වුවද දැනටමත් අවසන් පූර්ව වටයෙන් ඉවත්ව ඇති ලංකාව මෙම ලෝක කුසලාන තරඟයේ මුහුණ දෙන අවසන් තරඟය මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *