ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළට..! 3 වැනි තැන සිට 7 වැනි තැනට..!

September 15, 2022 at 4:09 pm | by emanisa.lk

ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ.

ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම රටවල ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සඳහා භාවිත වන විධිමත් නිර්ණායකයක් ලෙස සැලකේ.

මීට පෙර එම වගුවේ, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ සිටි අතර නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ හත් වැනි ස්ථානයේ යි.

පළමු ස්ථානයේ තවමත් සිම්බාබ්වේ රාජ්‍යය රැඳී සිටින අතර, දෙවැනි හා තෙවැනි ස්ථානවල කියුබාව හා ලෙබනනය රැඳී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *