තමා අනුමත නොකරන දේශපාලන මතවාදයක් දැරූ උතුරේ පිරිසකගේ අතින් අනුරාධපුර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බව සර්වජන බලය යාපනය සංවිධායක අරුණ් සිද්ධාර්තන් පවසයි.
1985 මැයි මස 14 වෙනිදා උතුරේ ත්රස්ත කල්ලියක් අනුරාධපුරයට පැමිණ අහිංසක සිවිල් වැසියන් 145 දෙනෙකු ඝාතනය කළ බවයි, ඔහු සිහිපත් කළේ.
උතුරේ ජනතාවට සිංහල ජනතාව සමග ගැටුමක් ඇති කර ගැනීමේ උවමනාවක් නොතිබුණු බවත් ඒ ජනතාව මෙම ප්රහාරය කිසිම දවසක අනුමත නොකළ බවත් අරුණ් සිද්ධාර්තන් අවධාරණය කරයි.
එදා ත්රස්තවාදීන් අතින් සිදු වූ වරදට විනාඩියක නිශ්ශබ්ධතාවක් ආරක්ෂා කරමින් ශෝකය ප්රකාශ කරන බව හෙතෙම ප්රකාශ කළේය.