ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ මහතා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“විජයදාස රාජපක්ෂ මැතිතුමාට තමයි පක්ෂයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. මම එක ගමනක් කළා. මම එක සැරයක් කරන්නේ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවේම මම කිව්වා මම ආයෙමත් තරගකරන්නේ නෑ කියලා.
විජයදාස මහත්මයා තමයි, ඉල්ලන්නේ. අපි සම්පූර්ණ සහාය දෙනවා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. දැන් එයා අපේ. ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නෑ.”
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ වෘත්තීය වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට එක්වෙමිනි.