මෙවර ශ්‍රීපාද වන්දනාව සඳහා හැටන් මාර්ගයේ පැමිණෙන බැතිමතුන් ඉඳිකටුපාන අසලින් රත්නපුර මාර්ගයට හරවා යැවීමට තීන්දු කර තිබේ.
අධික වැසි තත්ත්වය සමග ශ්‍රීපාදය වෙත ගමන් කරන හැටන් මාර්ගයේ මහගිරිදඹ අසල සිදුව ඇති අස්ථාවර තත්ත්වය නිසා මෙම තීන්දුව ගෙන ඇත.
ඒ, ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ ඉංජිනේරුවන් එම ස්ථානය පරික්ෂා කොට ලබා දුන් නිර්දේශ අනුවය.
ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ විය.