ශ්‍රීපාද අඩවියට අරක්කු බාර් එකක්…!

June 19, 2024 at 6:17 pm | by emanisa.lk

නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ඇතැයි නල්ලතන්නිය ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ඊට විරෝධයක් ඇත්නම් ප්‍රකාශ කරන ලෙස නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කිරීමට 320/බි සීත ගගුල වසමේ ග්‍රාමසේවා නිලධාරිනියට ලබාදුන් දැන්වීම එම කාර්යාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය නොකල බවට ද ඔවුහු පවසති.

ග්‍රාමසේවා නිලධාරිනිය එම සංචාරක හෝටලයේ අයිතිකරුගේ හිතවතියක් බව වාර්තා වෙයි. කෙසේ වුව ද ජනතාව එම මත්පැන්හලට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සිය විරෝධය යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *