ශත පනහකින් හරි තෙල් මිල අඩු කරනවා….! – ඇමති කුමාර ජයකොඩි….

June 30, 2025 at 12:13 pm | by emanisa.lk

ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

පසුගිය දිනවල ජනතාව තෙල් මිල ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් අනවශ්‍ය ලෙස තෙල් ගබඩා කරගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි. එහෙත් එවැනි ක්‍රියාවන්ගෙන් කිසිදු ඵලක් නොවන බවත්, තෙල් මිල අනිවාර්යයෙන්ම පහත වැටෙනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

තෙල් මිල කොපමණකින් අඩුවනු ඇත්දැයි නිශ්චිතවම කිව නොහැකි වුවද, අඩුවීමක් සිදුවන බවට සහතික විය හැකි බව අමාත්‍ය ජයකොඩි සඳහන් කරයි.

“පුනරුද යුගයේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ කාර්යභාරය” මැයෙන් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු වෘත්තිකයන්ගේ හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *