ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අල්ලා ගැනීමට නොහැකි බවට මාධ්‍ය චෝදනා නඟන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එහි සත්‍යයක් ඇති බවත් මෙය පෙර සිටි ඇමතිලාට මෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබා දීමට වඩා තමන්ට පවරා ඇති වගකීම නිවැරදිව ඉටු කිරීමට එම පිරිස කාලය වෙහෙස නොබලා වෙහෙසෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඒ සියලු කැපකිරීම් කරන්නේ අප ජීවත් වන රාජ්‍යය පිළිසකර කිරීම සහ අනාගතය වෙනුවෙන් පදනම දැමීම සඳහා බව ද ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ උත්සව අවස්ථාවක් සමග එකතු වෙමින් හෙතෙම මේ බව කීය.