වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ඉටු කිරීමට වෛද්‍යවරුන්ට ඉඩදිය යුතු බවත් දේශපාලනඥයින්ගේ කාර්යභාරය දේශපාලනඥයින් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එසේ නොවන විට අසීරුතාවට පත්වන්නේ ජනතාව බව ද ඔහු සඳහන් කරයි.
ප්‍රමුඛතාව කුමක් දැයි හඳුනා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
බරපතළ ව්‍යසනයක් බවට පත්ව ඇති කොවිඩ් මර්දනය පසෙක ලා ආණ්ඩුව මංතීරු තැනීමට මුල්තැන දී ඇතැයි ද සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ ආණමඩුව රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.