වෛද්‍යවරුන් රට හැර යන්නේ බාල බෙහෙත් ලබා දී රෝගීන් මරා දැමීමට නොහැකි නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.
රට හැර යන වෛද්‍යවරුන් තමන් සමග මේ බව පැවසුවේ යැයි ද හෙතෙම පවසයි.
තම දැනුම තබාගෙන බාල උපකරණවලින් රෝගීන්ට ප්‍රතිකාර නොහැකි නොහැකි බව ද වෛද්‍යවරුන් පිරිසක් තමන් සමග සාකච්ඡාවක දී පැවසූ බව ඔහු පැවසීය.
ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින් සමන්ත විද්‍යාරත්න මෙම අදහස් පළ කළේය.