වෛද්‍යවරුන්ගේ වාහන ස්ටිකර් ගලවන්න තීන්දුවක් අරන් නෑ…! – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස…

October 21, 2025 at 6:45 pm | by emanisa.lk

වෛද්‍යවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ වාහනවල හඳුනා ගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එමෙන්ම එවැනි කටයුත්තක් සිදුකිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේය.

කෙසේ වුව ද වාහනවල ඉදිරිපස වීදුරුවල වෛද්‍ය, නීතිඥ, කථිකාචාර්ය සහ වෙනත් වෘත්තිකයන් බව අඟවන ස්ටිකර් ඇලවීම නීති විරෝධී බවත් සිය තත්ත්වය සමාජයට පෙන්වීමට එම ස්ටිකර් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ඇලවීම සිදු කරන බවත් එහෙයින් ඒවා ඉවත් කළ යුතු බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *