වෙසක් සමරන්න කෝටි 90ක් පිට රටට…! නවතා දැමේ…!

May 6, 2023 at 11:36 am | by emanisa.lk

වාර්ෂිකව රටට වෙසක් සැරසිලි ආනයනය නතර කොට දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ සඳහා වසරකට රු. කෝටි 90ක පමණ මුදලක් වැය කළ බවයි, ඔහු සඳහන් කළේ.

මේ වසරේ වෙසක් සැරසිලි ආනයනය නතර කොට දැමුව ද රට පුරා වෙසක් සැමරීමෙහි හෝ වෙසක් සැරසිලිවල හෝ කිසිදු අඩුවක් දක්නට නැතැයි ද රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙයි.

මෙලෙස වෙසක් සැරසිලි ආනයනය නතර කිරීමත් සමග ම ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය දියුණු වී ඇති බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස