වෙසක් පෙරහැරේ පොලිස් රථයට සල්ලි ඉල්ලනවා… ඊළඟ දළදා පෙරහැරටත් බෙදන්නේ ඒ හැන්දෙන්මද…? – පූජ්‍ය අක්මීමන දයාරතන හිමි…

May 28, 2025 at 5:43 pm | by emanisa.lk

11 වෙනි වතාවට පැවැත්වෙන සම්බුද්ධත්ව ජයන්ති මහා පෙරහැර සඳහා මෙවර පොලිස් පෙර ගමන් රථය ලබා දීමට නිලධාරීන් දෙදෙනාට රු. 9000ක් ද වාහනය ගමන් කරන සෑම කිලෝ මීටරයක් සඳහා ම රු. 450ක් ගෙවිය යුතු බව රජය දැනුම් දී ඇතැයි අක්මීමන දයාරතන හිමි පවසයි.

වෙසක් පොහොය වෙනුවෙන් සිදුකරන පිංකමක් සඳහා තමන් එලෙස මුුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවත් බුදු දහම සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටින බවත් එහිමියෝ පෙන්වා දෙති.

බුදු දහමට හිමි නිසි තැන ලබා නොදෙන්නේ නම් භික්ෂූන් වහන්සේලාට ඊට එරෙහිව වැඩි කල් නොගොස් පාරට බැසීමට සිදුවන බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි සඳහන් කළ බව ද දයාරතන හිමි සිහිපත් කරයි.

බුදු දහමින් පළිනොගන්නා ලෙසත් මෙවැනි දේ කළ අයට දිට්ඨධම්මවේදනීය කර්මය පළ දුන් බවත් සිහිපත් කළ එහිමියන් ඉදිරියේ දී පැවැත්වෙන දළදා පෙරහැරට ද ආණ්ඩුව කටයුතු කරන්නේ මෙලෙස දැයි ප්‍රශ්න කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් අද (28) අක්මීමන දයාරතන හිමි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *